Tuesday, November 13, 2018

# featured # Featured Crocheter of the Month

Group: Crochet A-Z - Featured Crocheter of the Month : Octomber

පසුගිය මාසයේ අපේ Crochet A-Z ගෙතුම් කලාව මුල සිට සමූහයේ අලුත් විශේෂාංගයක් හදුන්වලා දුන්නා. 
ඒ තමයි සමූහයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වලා සහයෝගයෙන් කටයුතු කරන අය අතරින් කෙනෙක් එම මස #featuredcrocheter ලෙස නම් කිරීම.
ඔක්තෝම්බර් මාසයේ ගෙතුම් ශිල්පිනිය ගැන තමයි මේ හැදින්වීම.

ඇය අනුෂ්කා ප්‍රියදර්ශනී. ඇය Crochet A-Z සමූහයත් සමග සම්බන්ධ වෙන්නෙ මීට මාස 5කට පමණ පෙර. ඇයගේ ගෙතුම් වල සුවිශේෂත්වය තමයි ඉතා වර්ණවත් බව. වර්ණ ගලපලා අලුත් අලුත් නිර්මාණ ලස්සනට නිමා කිරීමට ඇයට මනා හැකියාවක් තිබෙනවා. එයටම ගැලපෙන ලෙස මේ මස සමූහයේ තේමාව ලෙස ඇය තෝරගත්තෙත් දේදුනු වර්ණ. 
#crochetaz_rainbowcrocheters නමින් හැදින්වුණු එම තේමාව සහිත විශේෂාංගය ඊයේ දිනයේ සාර්ථකව නිමා වුණා.

මේ ඇය සමග වුණු කතා බහයි.


  • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?
  • මුලින්ම මන් ගෙතුම් ගැන දැනගත්තේ පාසල් කාලයේ ඊළඟට අසල්වැසි යෙහෙළියක් මට තව දේවල් කරන හැටි කියලා දුන්නා.මේ මන් ගෙතුම් පටන් ගත් විදිහ.
  • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
  • මගේ අම්මාත් ගෙතුම් කරපු කෙනෙක් ඉතින් මටත් ආස හිතුනා ඉගෙනගන්න.
  • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
  • මන් ගොඩක් ආස bags ගොතන්න
  • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
  • ඔව්
  • එසේනම් එහි නම කුමක්ද?
  • එම නම දැමීමට හේතුව
  • නම් වල එකතුව සහ අත්කම්.
  • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
  • මගේ ගෙතුම් දැනුම වැඩි කරගන්න මට ලැබුණු හොදම තැන crochet az සමූහය.එහි ගුරුතුමිය තමා මට ගෙතුම් අලෙවිය සදහා මග පෙන්වුයේ.
  • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද? 
  • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ/ය? 

  • ව්‍යාපාරය සම්බන්ධව අනාගත බලාපොරොත්තු?
  • ලස්සන නිමාවක් සහිත ගෙතුම් අලෙවි කිරීම හා ගෙතුම් කලාවේ වැඩි දියුණුවක් දැකිම.
  • #featuredcrochetofthemonth මෙම වැඩසටහන ගැන ඔබ සිතන්නේ කුමක්ද?
  • මගේ අදහස් ⁣බෙදාගන්න මට ලැබුණු හොදම අවස්ථාව මෙයයි.ඒ වගේම අනික් අයගේ දැනුම හා අදහස් ලබා ගැනීමට මේ වැඩසටහන ගොඩක් ප්‍රයොජනවත්.
  • සමූහයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ අදහස්?
  • ආධුනිකයන් ට ගෙතුම් කලාවේ වැදගත්කම පෙන්වාදෙමින් ගෙතුම් කිරීමට ආසාවක් ඇතිකරවීම.
  • අනෙකුත් නිර්මාණකරුවන් වෙනුවෙන් දිය හැකි පණිවිඩය?
  • ගෙතුම් මෝස්තරය වර්ණ භාවිතය සහ නිමාව අත්කම් වල ලස්සන වැඩි කරන බව සහ ගෙතුම් කලාව රැකගැනීම.



No comments:

Post a Comment

Follow Us @soratemplates