Friday, October 20, 2017

# Beginner Level # Crochet pattern

Simple Bag - Picture Tutorial - Beginner Level


crochet-bag-free-pattern

ඔන්න අද අපි බෑග් එකක් ගොතන්නයි යන්නෙ. Video tutorial එකක් දාන්න වෙන්නෙ නැති නිසා මේ බෑග් එක ගොතන්න යොදාගෙන තියෙන්නෙ මූලිකම ක්‍රම විතරයි. ඒ නිසා මුලින්ම පටන් ගන්න කෙනෙකුට උනත් ලේසියෙන්ම කරගන්න පුලුවන් නිර්මාණයක් මේක.

අද මම පියවර ලියන්නෙ US terms වලින්
SS join- slip stitch join - ලිස්සා හැරීමකින් සම්බන්ධ කිරීම
CH -chain - දම්වැල
SC -single crochet - දෙපට පිරවිල්ල
DC- double crochet- තුන්පට පිරවිල්ල
HDC - half double crochet- බාග තුන්පට පිරවිල්ල
CH SP - chain space - පිරවුම් දෙකක් අතරට දම්වැල 1ක් හෝ කිහිපයක් ගෙතීමෙදී ඇති වන සිදුර

බෑගයේ අඩිය

මුලින්ම ch 31 කින් පටන් ගන්න.
1 වටය සපත්තුවේ අඩිය ගෙතූ ආකාරයට රවුමට ගොතාගන්න. මෙහිදී වටය ආරමභයෙ CH 1 පිරවුමක් ලෙස ගනන් නොගැනේ. 


සපත්තුවේ අකාරයට රවුමට දම්වැල දෙපැත්තෙම පිරවිලි කරගන්න
1 වටය:    ගෙතුම් කටුවෙ ඉදල 2 වෙනි CH එකෙන් පටන් ගන්න. පළමු සිදුරු 29 ට SC 1 බැගින්. ඊළග සිදුරට SC 4ක්. ඊළග සිදුරු 28 ට SC 1 බැගින්. අවසාන සිදුරට SC 3, SS join    [අවසාන පිරවිලි ගනන 64]

2 වටය:   CH 1 , පළමු සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 28 ට SC 1 බැගින්, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 2 ට 1 බැගින්, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 28 ට SC 1 බැගින්, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 2 ට  SC 1 බැගින්, SS join [අවසාන පිරවිලි ගනන 72]

3 වටය:   CH 1, පළමු සිදුරට SC 1 යි, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 30 ට SC 1 බැගින්,  ඊළග සිදුරට SC 3 ක්,  ඊළග සිදුරු 4 ට SC 1 බැගින් , ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 30 ට SC 1 බැගින්,  ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 3 ට SC 1 බැගින්, SS join [අවසාන පිරවිලි ගනන 80]


4 වටය:   CH 1, පළමු සිදුරට SC 1 යි, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 34 ට  SC 1 බැගින්, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 4 ට SC 1 බැගින්, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 34 ට SC 1 බැගින්, ඊළග සිදුරට SC 3 ක්, ඊළග සිදුරු 3 ට SC 1 බැගින්, SS join [අවසාන පිරවිලි ගනන 88]
ගෙතුම අවසාන කර නූල කපන්න.




බෑගයේ උඩ කොටස

මෙහිදී වටය ආරමභයෙ CH 3 එක පිරවුමක් ලෙස ගනන් ගැනේ. 
පළමු පිරවුම ලෙස දම්වැල් 3 ගොතාගත් පසු ඊළග පිරවිලි පටන් ගන්නේ ඊතලය ගසා ඇති සිදුරේ සිටයි

5 වටය:   (Back loop හි පමණක් - පහත රූප රාමුව බලන්න ) කලින් අඩිය සකසාගත් වර්ණයම හෝ ගැලපෙන වෙනත් වර්ණයක් සම්බන්ධ කරගන්න. CH 3 (මෙය පළමු පිරවුම ලෙස ගනන් ගැනේ), ඊළග සිදුරේ සිට පටන් ගෙන ඉදිරි සිදුරු 87 ටම DC 1 බැගින්, SS join  [අවසාන පිරවිලි ගනන 88]

1- Back loop හි විතරක් පිරවීම් කරගැනීමේදී මෙම V හැඩයේ මැදට පිරවිල්ල දමාගනු ලැබේ
2- back loop එකට අලුතින් yarn join කරගැනීම
3- back loop හි පමණක් ගොතාගත් විට පෙනෙන අයුරු
(-මෙය පැහැදිලි නැතිනම් සපත්තුව වීඩීයෝවේ මෙය කරගන්නා හැටි පෙන්වා ඇත)



6 වටයේ සිට 12 වටය දක්වා වට 7 ත් 5 වටයේ අකාරයටම loops දෙකෙහිම පුරවගන්න.


13 වටය:   CH 3, ඊළග සිදුරු 2 ට DC 1 බැගින්, CH 1, ඊළග සිදුර අතහරින්න, (ඊළග සිදුරු 3 ට DC 1 බැගින්, CH 1, ඊළග සිදුර අතහරින්න) x 21 , SS join  [අවසානයේ පිරවිලි 66 + CH spaces 22] 


14 වටය: වර්ණය මාරු කර CH SP එකකට Join කරගන එතනට SC 1 කරගන්න, (ඊළගට CH 3 ක්, ඊළග සිදුරු 3 අතහැර ඊළග CH SP එකට SC 1 ක් )x21 [අවසානයේ පිරවිලි 22 + CH spaces 22] 


15 වටය: CH SP එකකට පළමු වර්ණය සම්බන්ධ කර 13 වටය ආකාරයටම නැවත කරන්න.  [අවසානයේ පිරවිලි 66 + CH spaces 22]

16 වටය: CH SP එකකට දෙවන වර්ණය සම්බන්ධ කර 14 වටය ආකාරයටම නැවත කරන්න.  [අවසානයේ පිරවිලි 22 + CH spaces 22] 
17 වටය: 15 වටය ආකාරයටම නැවත කරන්න.  [අවසානයේ පිරවිලි 66 + CH spaces 22] 

18 වටය: සෑම සිදුරකටම DC 1 බැගින් කරගන්න  [අවසානයේ පිරවිලි 88] 
19 වටය: සෑම සිදුරකටම SC 1 බැගින් කරගන්න  [අවසානයේ පිරවිලි 88] 
20 වටය: සෑම සිදුරකටම SC 1 බැගින් කරගන්න  [අවසානයේ පිරවිලි 88] 

ගෙතුම අවසාන කර නූල කපන්න. yarn ඉතිරි අග කොටස් හන්ගා මසාගන්න

පටිය (Strap) ගොතාගැනීම

මේ සදහා fabric strap එකක් හෝ leather/substitute strap එකක් උනත් යොදාගත හැකියි

බෑගයේ වම් පස කොනේ (left side edge) සිට සිදුරු 3ක් ගනන් කර 3 වෙනි සිදුරට පටිය ගෙතීමට yarnසම්බන්ධ කරගන්න.
1 වටය: CH 3, ඊළග සිදුරු 5 කට  DC 1 බැගින්, හරවන්න
2 වටය සිට පටියේ ඔබට අවශ්‍ය දිග ප්‍රමාණය ලැබෙන තෙක් 1 වටය ආකාරයට නැවත නැවත කරන්න
අවශ්‍ය දිග ලැබුණු පසු ගෙතුම අවසන් කර නූල දිගට සිටින සේ කපාගන්න.

දැන් බෑගයේ දකුණු පස කොනට සමමිතික ලෙස පටිය මසාගත යුතුයි. මේ සදහා බෑගය දකුණු කොන සිට කලින් වගේම සිදුරු 3ක් ගනන් කරගන්න. දිගට ඉතිරි කල නූලට ඉදිකතුවක් දමා එම සිදුරේ සිට සිදුරු 6ක් පටියෙ පිරවිලි 6 ට සම්බන්ධ වන ලෙස පහත රූප වල දක්වා ඇති ආකාරයට මසාගන්න.

ඉතිරි නූල් කොටස් හන්ගා මසාගන්න. 😊 ඔයාලට පුලුවන් zipper එකක් lining එකක් එහෙම මහගෙන මේක පාවිච්චියට ගන්න 12 වෙනි වටයට පස්සෙ තව වට දෙක තුනක් එකතු කරගෙන මේකේ උස වැඩි කරගෙන පන්ති යන දුවෙකුට ගෙනියන්න හදල දෙන්නත් පුලුවන්. ඔයාල අදහසුත් comment කරගෙනම යන්න. 😀 

No comments:

Post a Comment

Follow Us @soratemplates