Monday, September 2, 2019

Group: Crochet A-Z - Featured Crocheter of the Month : December/January

September 02, 2019 0 Comments
දිනුෂි කැකුලන්දල කියන්නෙ අපේ සමූහයට එකතු වුණු අලුත් නමක්. හරියටම කීවොත්  2018 නොවැම්බර් 15 තමයි ඇය අපේ ගෙතුම් පවුලට එකතු වෙන්නේ. සමූහයට එක් වී ටික දිනකින්ම අලංකාර නිර්මාණ ඉදිරිපත් කරමින් සමූහය තුල Rising Star කෙනෙක් වීමට දින කිහිපයකින්ම ඈ සමත් වුණා. මේ වන විටත් විශාල දායකත්වයක් ලබා දෙමින් ඉතා හුරුබුහුටි amigurumi නිර්මාණ මෙන්ම ඉතා අනර්ඝ doily නිර්මාණ එක් කරමින් සමූහය වර්ණවත් කරනවා.
ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. කෙතරම් කාර්යබහුල වුවත් ඇයගේ සුන්දර හදවත ඇතුලේ නිර්මාණයකටත් ඉඩක් වෙන් කරන්න කොයිම වෙලාවකවත් ඇය අමතක කරන්නෙ නම් නැහැ කීවොත් මා සමඟ බොහෝ දෙනෙක් එකඟ වේවි.
මේ නිසාම දෙසැම්බර්/ජනවාරි හි #featuredcrocheter ලෙස සමූහය තුල නම රන්ඳන්නට ඇයට හැකියාව ලැබුණා.
ඉතින් මේ ඇය ගැනයි...



  • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?
  • කාන්තා පුවත්පතක පළ වුණ ලිපි පෙලක් අනුව සපත්තුවක් ගොතලා..
  • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
  • හරිම අපූරු නිර්මාණ කරන්න පුලුවන්, අවසානයේ හිතට ලොකු සතුටක් දැනෙනවා..
  • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
  • බබාලාගේ ඇදුම්, සපත්තු
  • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
  • ඔව්
  • එසේනම් ඔබේ ව්‍යාපාරයේ නම කුමක්ද?
  • එම නම දැමීමට හේතුව?
  • මගේ නිර්මාණ නිසා මගේ නමම කෙටි කරලා දැම්මා.
  • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
  • විශ්වවිද්‍යාලයට පිවිසීමට පෙර වසරක කාලය තුල ගොඩක් ගෙතුම් කළා. ඒවාට බොහොම හොඳ ප්‍රතිචාර හා ඉල්ලුමක් ලැබුනා. ඒ නිසා අලෙවි කරන්න පටන් ගත්තා..
  • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද?

  • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ?


  • ව්‍යාපාරය සම්බන්ධ අනාගත බලාපොරොත්තුව?
  • මට ව්‍යාපාරයක් වශයෙන් ගෙතුම් කරන්න අදහසක් නැහැ. මගේ රැකියාවත් එක්ක ඉඩ ලැබෙන වෙලාවට ගෙතුම් කරනවා..
  • #featuredcrocheterofthemonth මෙම වැඩසටහන ගැන ඔබේ සිතුවිලි?
  • ඉතාමත් වටිනවා. ගොඩක් දෙනෙක්ගේ සැගවුනු දක්ශතා එළියට එනවා.. අලුත් දේවල් කරන්න අවස්ථාව ලැබෙනවා..
  • සමූහයේ අභිවෘද්දිය වෙනුවෙන් ඔබේ අදහස්?
  • මේ වගේ අලුත් විශේෂාංග කාලෙන් කාලෙට එකතු උනොත් හොදයි කියලා හිතෙනවා
  • අනෙකුත් ගෙතුම් ශිල්පිනියන් හට ඔබේ පණිවිඩය?
  • අලුතෙන් හිතන්න.. හැම මොහොතෙම අලුත් දෙයක් ඉගෙනගන්න.. එතකොට ලස්සන ගෙතුම් නිර්මාණ කරන්න පුලුවන්..

මෙවර වීශේෂාංගයට අපි විශේෂයක් එක් කලා. දිනුෂි විසින් මේ මස තේමාව ලෙස තෝරාගත් #doilylove සදහා ඇතුලත් වන නිර්මාණ අතරින් හොදම නිර්මාණ තේරීම තමයි ඒ.

මේ නිර්මාණ තේරුණේත් අපේ දිනුෂි අතින්මයි ❤️
මේ ඒ සම්බන්ධව ඇය තැබූ සටහනයි.

ඔන්න මම #crochetaz_doilylove ජයග්රාහිකාවන් අරගෙන ආවා.
කියන්න ඕන මට මේ වැඩේ එච්චර ලේසි වුනේ නම් නෑ..
හැමෝම ලස්සන නිර්මාණ ගොඩක් ඉදිරිපත් කරලා තිබුනා😍
අවසානයේ දී
1.අමුද්රව්ය තෝරාගැනීම 
2.වර්ණ ගැලපීම
3.ඩොයිලි රටාව හා එහි සංකීර්ණ බව
4.පිළිවෙළ හා
5.නිමාව
වගේ ගොඩක් කරුණු සලකා බලලා මෙන්න මේ අයව තෝරාගත්තා..
ජයග්රාහිකාව තමා 
❣️❣️❣️Sunethra Sudu❣️❣️❣️
❣️දෙවන ස්ථානය Udeshi Amarasena ❣️තෙවැනි ස්ථානය Nirmala Lowe
මේ අයගේ නිර්මාණත් මම තෝරපු හොදම ඩොයිලි 10 ඇතුලත තිබුනා..
❣️Maheshi Dm❣️Lakmini Piyadasa
❣️Chamila Nilmini 
❣️Amandi Milini Perera 
❣️Padma kumari
❣️Erandi Shiwanthika
❣️Lakeesha Kariyawasam 
නිර්මාණ ඉදිරිපත් කරලා සහයෝගය දුන් හැමෝටම ගොඩක් ස්තුතියි.. දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න 


Friday, February 8, 2019

Group: Crochet A-Z - Featured Crocheter of the Month : February/March

February 08, 2019 1 Comments

දිනුෂි පෙරේරා අපේ සමූහයට එකතු වෙන්නේ 2018 අගෝස්තු 1 වෙනිදා සිටයි. ඇය Crochet A-Z සමූහයේ ප්‍රසිද්ධම සුරතල් සතුන් ගොතන්නියන් දෙදෙනාගෙන් එක් කෙනෙක්. අමිගුරුමි නිර්මාණ ඉතා සිත්ගන්නා සුළු ලෙස නිර්මාණය කිරීමට ඇයට තිබෙන්නේ උපන් හැකියාවක් කීවොත් මම නිවැරදියි.
මෙවර #featuredcrocheter විශේෂාංගයට ඇය තෝරාගත්තෙ #crochetaz_funanimals කියන තේමාවයි.

මේ තේමාවට අදාලව ගෙතුම් වලින් නිර්මාණය වූ සුරතල් සතුන් ගේ නිර්මාණ වලින් පිටුව සරසන්නට සමූහයේ සොයුරියන් බොහෝ දෙනෙක් එකතු වුණා. මේ විශේෂාංගය ඉතා සාර්ථකව අවසන් කල දිනුෂි පෙරේරා ගැනයි මේ කතා බහ.


  • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?
  • මම මුලින්ම ඉගෙනගත්තේ මගේ මවගෙන්. ඉන්පසු තනිවම අධ්‍යයනය කර වැඩි දුර ඉගෙනගත්තා.
  • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
  • අවසන් නිර්මාණය දැකීමෙන් මා ලබන සතුට ඉතා ඉහළයි
  • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
  • අමිගුරුමි නිර්මාණ
  • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
  • ඔව්
  • එසේනම් ඔබේ ව්‍යාපාරයේ නම කුමක්ද?
  • එම නම දැමීමට හේතුව?
  • එය මගේ නමේ කොටසක්
  • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
  • බොහෝ දෙනාගෙන් ලැබුණු ඉල්ලීම්.
  • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද?
  • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ?

  • ව්‍යාපාරය සම්බන්ධ අනාගත බලාපොරොත්තුව?
  • තත්වයෙන් උසස් නිර්මාණ ලබාදීම මගින් මගේ පාරිභෝගිකයන් සතුටු කිරීම
  • #featuredcrocheterofthemonth මෙම වැඩසටහන ගැන ඔබේ සිතුවිලි?
  • හැමෝටම වටිනා වැඩසටහනක්
  • සමූහයේ අභිවෘද්දිය වෙනුවෙන් ඔබේ අදහස්?
  • සමූහයේ සාමාජිකයන්ගේ නිර්මාණ වල පින්තූර එකතු කර නිර්මාණ එකතුවක් ලෙස ප්‍රදර්ශනය කිරීම
  • අනෙකුත් ගෙතුම් ශිල්පිනියන් හට ඔබේ පණිවිඩය?
  • නිර්මාණයන් තත්වයෙන් උසස් ලෙස නිර්මාණය කරන්න

දිනුෂි විසින් මේ මස තේමාව ලෙස තෝරාගත් #funanimals සදහා ඇතුලත් වන නිර්මාණ අතරින් හොදම නිර්මාණ තෙරීමත් දිනුෂි අතින් සිදු වුණා.


මේ ඒ සම්බන්ධව ඇය තැබූ සටහනයි.

තරමක කාර්යබහුලත්වයත් එක්ක ගිය මාසෙ #crochetaz_funanimals event එක කරගෙන ගියේ ... event එක සාර්ථක කරගන්න උපරිම සහයෝගය දුන්නු ඔයලා හැමෝටමත්, Asin Ratnayake මිස්ටත් ගොඩක් ස්තුති .... ඔයාලගෙ ලස්සන නිර්මාණ ගොඩක් එක්ක event එක ගොඩක් ලස්සන උනා.... ඉතින් එහෙනම් දැන් කියන්න යන්නේ ජයග්‍රහණය කරපු නිර්මාණ ගැන .... හැමෝම හොඳින් නිර්මාණ කරලා තිබුණු නිසා තෝරන්නත් අමාරුයි ....😀😀😀ජයග්‍රාහකයින් වගෙම අනිත් ලස්සන නිර්මාණත් මේ post එකේ දැම්මා .... බලන්නකෝ 😊😊😊😊😊

1st Place - Randika N Nishadi
2nd Please - Ruwani Nisansala  3rd Place - Dushi de Silva 







































Monday, December 24, 2018

Group: Crochet A-Z - Featured Crocheter of the Month : November/December

December 24, 2018 1 Comments

අවසන් blog post එකේදී මම සදහන් කලා වගේ Crochet A-Z ගෙතුම් කලාව මුල සිට සමූහයේ අලුත් විශේෂාංගය වෙනුවෙන් මේ මාසයේදිත් අපි  සමූහයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වලා සහයෝගයෙන් කටයුතු කරන අය අතරින් කෙනෙක් මේ මස #featuredcrocheter ලෙස තෝරාගත්තා.
මේ මාසයේ ගෙතුම් ශිල්පිනිය තමයි රුවනි නිසංසලා. ඇය Crochet A-Z සමූහයත් සමග සම්බන්ධ වෙන්නෙ 2017 නොවැම්බර් 15 වෙනිදා. අවුරුද්දකට පසු සමූහයට සම්බන්ධ වුණු මාසයේම #featuredcrocheter ලෙස තේරීමත් හරිම අහම්බයක් නේද?

ඇයගේ විශේෂත්වය තමයි Amigurumi ගෙතුම්. ලංකාවේ ගෙතුම් ක්ෂේත්‍රයේ amigurumi කලාවට යොමු වී සිටින කිහිපයක් දෙනා අතරින් ඉතා කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට ඉතා කෙටි කාලයකින්ම ඇයට හැකියාව ලැබුණා.
පොඩිත්තන්ගේ සිත් වසඟයට ගත හැකි cartoon චරිත සහ සුරතල් සතුන්ව අලංකාර ලෙස නිම කිරීමට ඇයට ඇත්තේ විශේෂ දක්ෂතාවයක් කීවොත් මම නිවැරදි.
එයටම ගැලපෙන ලෙස මේ මස සමූහයේ තේමාව ලෙස ඇය තෝරගත්තෙත් නත්තල් තේමාව සහ amigurumi ගෙතුම් වල එකතුවක්.
#crochetaz_christmasgurumi නමින් තමයි මේ තේමාව හැදින්වූයේ.

ඉතින් එහෙනම් මේ රුවනි සමග ඇති වුණු කතා බහයි,





  • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?

      • වයස අවුරුදු 8දී අඳුනන aunty කෙනෙක් ගෙන් මූලික දැනුම ලබා ගත්තා....ඊට පස්සේ youtube හරහා ඉගෙන ගත්තා..
      • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
      • මගේ විනෝදාංශය
      • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
      • Amigurumi toys
      • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
      • ඔව්
      • එසේනම් එහි නම කුමක්ද?
      • එම නම දැමීමට හේතුව
      • මගේ පුතාගේ නම
      • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
      • මගේ සහෝදරියන් සහ සමූහයේ මිතුරියන්ගේ අදහස් නිසා.. 
      • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද? 

      • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ/ය? 

      • ව්‍යාපාරය සම්බන්ධව අනාගත බලාපොරොත්තු?
      • තවත් ලස්සන amigurumi toys නිර්මාණය කිරීම..
      • #featuredcrochetofthemonth මෙම වැඩසටහන ගැන ඔබ සිතන්නේ කුමක්ද?
      • ඉතා හොඳ අදහසක්..නිර්මාණ ඉදිරිපත් කිරීමට මිතූරියන් උනන්දු වෙනවා .
      • සමූහයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ අදහස්?
      • දැනට පවත්වන විශේෂාංග ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාම..
      • අනෙකුත් නිර්මාණකරුවන් වෙනුවෙන් දිය හැකි පණිවිඩය?
      • අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න..ඒ වගේම ඉදිරිපත් කරන නිර්මාණ වලට likes..comments දමා අනිත් මිතුරියන් දිරිමත් කරන්න.

      Tuesday, November 13, 2018

      Group: Crochet A-Z - Featured Crocheter of the Month : Octomber

      November 13, 2018 0 Comments
      පසුගිය මාසයේ අපේ Crochet A-Z ගෙතුම් කලාව මුල සිට සමූහයේ අලුත් විශේෂාංගයක් හදුන්වලා දුන්නා. 
      ඒ තමයි සමූහයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වලා සහයෝගයෙන් කටයුතු කරන අය අතරින් කෙනෙක් එම මස #featuredcrocheter ලෙස නම් කිරීම.
      ඔක්තෝම්බර් මාසයේ ගෙතුම් ශිල්පිනිය ගැන තමයි මේ හැදින්වීම.

      ඇය අනුෂ්කා ප්‍රියදර්ශනී. ඇය Crochet A-Z සමූහයත් සමග සම්බන්ධ වෙන්නෙ මීට මාස 5කට පමණ පෙර. ඇයගේ ගෙතුම් වල සුවිශේෂත්වය තමයි ඉතා වර්ණවත් බව. වර්ණ ගලපලා අලුත් අලුත් නිර්මාණ ලස්සනට නිමා කිරීමට ඇයට මනා හැකියාවක් තිබෙනවා. එයටම ගැලපෙන ලෙස මේ මස සමූහයේ තේමාව ලෙස ඇය තෝරගත්තෙත් දේදුනු වර්ණ. 
      #crochetaz_rainbowcrocheters නමින් හැදින්වුණු එම තේමාව සහිත විශේෂාංගය ඊයේ දිනයේ සාර්ථකව නිමා වුණා.

      මේ ඇය සමග වුණු කතා බහයි.


      • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?
      • මුලින්ම මන් ගෙතුම් ගැන දැනගත්තේ පාසල් කාලයේ ඊළඟට අසල්වැසි යෙහෙළියක් මට තව දේවල් කරන හැටි කියලා දුන්නා.මේ මන් ගෙතුම් පටන් ගත් විදිහ.
      • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
      • මගේ අම්මාත් ගෙතුම් කරපු කෙනෙක් ඉතින් මටත් ආස හිතුනා ඉගෙනගන්න.
      • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
      • මන් ගොඩක් ආස bags ගොතන්න
      • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
      • ඔව්
      • එසේනම් එහි නම කුමක්ද?
      • එම නම දැමීමට හේතුව
      • නම් වල එකතුව සහ අත්කම්.
      • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
      • මගේ ගෙතුම් දැනුම වැඩි කරගන්න මට ලැබුණු හොදම තැන crochet az සමූහය.එහි ගුරුතුමිය තමා මට ගෙතුම් අලෙවිය සදහා මග පෙන්වුයේ.
      • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද? 
      • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ/ය? 

      • ව්‍යාපාරය සම්බන්ධව අනාගත බලාපොරොත්තු?
      • ලස්සන නිමාවක් සහිත ගෙතුම් අලෙවි කිරීම හා ගෙතුම් කලාවේ වැඩි දියුණුවක් දැකිම.
      • #featuredcrochetofthemonth මෙම වැඩසටහන ගැන ඔබ සිතන්නේ කුමක්ද?
      • මගේ අදහස් ⁣බෙදාගන්න මට ලැබුණු හොදම අවස්ථාව මෙයයි.ඒ වගේම අනික් අයගේ දැනුම හා අදහස් ලබා ගැනීමට මේ වැඩසටහන ගොඩක් ප්‍රයොජනවත්.
      • සමූහයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ අදහස්?
      • ආධුනිකයන් ට ගෙතුම් කලාවේ වැදගත්කම පෙන්වාදෙමින් ගෙතුම් කිරීමට ආසාවක් ඇතිකරවීම.
      • අනෙකුත් නිර්මාණකරුවන් වෙනුවෙන් දිය හැකි පණිවිඩය?
      • ගෙතුම් මෝස්තරය වර්ණ භාවිතය සහ නිමාව අත්කම් වල ලස්සන වැඩි කරන බව සහ ගෙතුම් කලාව රැකගැනීම.



      Tuesday, June 12, 2018

      සාධාරණ ලාභයක් ලැබෙන ලෙස ගෙතුමක මිල තීරණය කිරීම - Tips for Pricing your Crocheted Products

      June 12, 2018 2 Comments


      ගෙතුම් කලාව කියන්නේ ඉතා වටිනාකමක් තියෙන කලාවක්, මේ නිර්මාණයක් සදහා ගත වන කාලය, නිර්මාණයක කලාත්මක බව සහ නිමාව මත මේ වටිනාකම තීරණය වෙනවා. 
      ඉතින් ඒ වගේම මම දැක්කා බොහෝ දෙනෙක් මේ වටිනාකම ගැන හරි හැටි අවබෝධයක් නැති කමින් සහ ගෙතුමකට මිලක් තීරණය කරන නියමිත ආකාරයක් ගැන නොදන්නා කමින් ඉතා අඩු මුදලකට තමන්ගේ නිර්මාණයන් අලෙවි කරන හැටි. 
      මෙහිදී නිර්මාණය මිලට ගන්නා අය එහි වටිනාකම නොදැන සිටීමද නිර්මාණය කෙසේ හෝ විකුණාගත යුතු බැවින් විකිනෙණ මිලකට අලවි කිරීමද සිදුවන බව දැනගන්නට ලැබුණා. මම හිතනවා මේ තත්වය වෙනස් කල හැකියි අපි හැමෝම එකතු වුනොත් කියලා.
      ඉතිං මම මීට දින කිහිපයකට කලින් මේ වන විට අලෙවි කිරීම් කරන අය මිල තීරණය කරල තියෙන විදිහ ගැන සහ මුහුණපාලා තියෙන ගැටළු ගැන පොඩි කරුණු විමසීමක් කලා. මේකට අපේ ගොඩක් අය විවිධ මිල ගණන් සහ ගැටළු ඉදිරිපත් කරල තිබුණා.
      ඔන්න එහෙනම් මම අද මිල කිරීම් කරන විදිහ ගැන ඔයාලා ඉදිරිපත් කරපු පිළිතුරුත් උදාරණයට අරගෙන කියල දෙන්න තමයි යන්නෙ. 
      මෙහිදී මම ඔයාලගෙන් වීමසීමක් කලා ඔයාලා අලෙවි කරන නිර්මාණ ගැන, අලෙවි කිරීම් කරන මාධ්‍යය/ක්‍රමවේදය ගැන, අලෙවි කරන මිල වගේම නිර්මාණය සදහා යන කාල වේලාව ගැනත්.
      බොහෝ පිළිතුරු වලින් මට හැඟී ගිය දේනම් අලෙවි මිල තීරණය කිරීමේදී ගොඩක් අය යාර්න් සදහා ගිය මිලට සුළු මුදලක් ලාභය වශයෙන් තියාගෙන මීල තීරණය කර ඇති බව. එවිට නිර්මාණය කිරීමට අපට වැය වූ කාලය සදහා වටිනාකමක් ලැබිලා නැහැ.
      හැමෝම වගේ පිළිතුරක් විදිහට සදහන් කරල තිබ්බ ළදරු තොප්පිය උදාහරණයක් විදිහට ගත්තොත් මෙය 150 වගේ මුදලකට විකුණන අයත් මේ අතර හිටියා. ඒ වගේම එම මිල ලකුණු කල තොප්පිය ගෙතීම සදහා ගත වන කාලය පැය 5ක් ලෙසත් සදහන් කරලා තිබුණා.

      දැන් අපි හිතමු මේ තොප්පිය ගෙතීම සදහා handy yarn 25g ගියා කියලා.

      handy yarn 25g ක මිල - 45 සිට 60 දක්වා දැක්විය හැකියි. අපි මිල 60ක් කියල හිතමු.
      තොප්පිය ලකුණු කල මිල = 150/-
      ලාභය = 150 - 60 = 90/-
      තොප්පිය ගෙතීමට ගිය පැය ගණන = 5
      ලාභය අනුව පැයකදී ලැබෙන ආදායම = 90/ 5 = 18/- 😓

      මෙහිදී මම විමසුවා දිනකට ගෙතීම සදහා ගත කරන කාලයත්. දැන් ඉහත උදාහරණය අනුව අපි බලමු මාසික ආදායම කීයක් ලැබෙනවද කියලා.

      මෙම මිල කීරීම් කර ඇති බෝහෝ දෙනා සදහන් කර තිබූ ආකාරයට බහුතරයක් දිනකට ගෙතුම් සදහා ගත කරන කාලය පැය 5 ට අඩුයි. එවිට ඉහත උදාහරණයට අනුව දිනක ආදායම/ලාභය වන්නේ 90/- වගේ මුදලක්.
      අපි හිතමු අපි මසකට දින 20 පමණ ගෙතුම් සදහා යොදාගන්නවා කියලා. බබාලගේ වැඩ ගෙවල් වල වැඩ ඔක්කොමත් අතරෙනෙ මේවා කරන්නේ.
      මසකට ආදායම/ලාභය = 90 X 20 = 1800/-
      මසකට ලැබෙන සම්පූර්ණ ලාභය වන්නේ රු 1800/- ක්. 😞
      😞😞😞😞
      දැන් ඔයාලම හිතල බලන්න මේ මුදල ප්‍රමාණවත් ද කියලා. නැහැ නේද?



      එහෙනම් මම දැන් ඔයාලට කියල දෙන්නම් නියම විදිහට මිල කිරීම් කරන විදිහ
      ඉස්සෙල්ම කොලේකුයි පෑනකුයි ගන්නකො ළගට.
      දැන් මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු ඒ කොළයේ ලකුණු කරගන්න.
      • තොප්පියක් (හෝ ඔබ කරන වෙනත් නිර්මාණයක්) කිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වල වටිනාකම (මෙයට යාර්න්, බොත්තම්, රිබන්, අමුද්‍රව්‍ය මිලදී ගැනීමට යාම සදහා ගමන් කාලයක් වැය උනේනම් එය හෝ නිර්මාණය සදහා විදුලිය වැය උනේනම් එම මුදට පවා එක් කල යුතුයි) ? අපි මෙය M - Materials ලෙස නම් කරමු.

      • නිර්මාණය කිරීමට ගත වන කාලය පැය වලින් (දින කිහියක් යන නිර්මාණයක්නම් දිනකදී කොපමණ පැය ගණනක් ගත කලාද යන්න බලන්න) ? අපි මෙය H - Hours ලෙස නම් කරමු

      • ඔබගේ කාලය පැයක් සදහා වටිනාකම ( මෙය මාසික ආදායම අනුව ඔබ තීරණය කල යුතුයි) ? අපි මෙය R - rate ලෙස නම් කරමු.

      දැන් අපි අපේ අවසාන නිර්මාණයේ වටිනාකම V - Value ලෙස ගෙන මිල නිර්ණය කරන සමීකරණය සදාගනිමු.





      🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

      V = M + (R x H)

      නිර්මාණයේ වටිනාකම = අමුද්‍රව්‍ය වල වටිනාකම + (කාලය පැයක් සදහා වටිනාකම x නිර්මාණය කිරීමට ගත වන පැය ගණන)

      🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

      අගයන් ආදේශ කලොත්
      V = 60 + (R x 5)
      දැන් අපි R සදහා අගයන් ආදේශ කර මාසික ආදායම ගණනය කරමු.
      __________________________________________
      R සදහා වටිනාකම 100 ලෙස ගනිමු
      V = 60 + ( 100 x 5 ) = 60 + 500 = 560
      දිනකට ගෙතීම සදහා යොමු කරන කාලය පැය 5යිනම් දිනක ආදායම = 500
      මසකට දින 20 පමණ ගෙතුම් සදහා වෙන් කරන්නේනම් මාසික ආදායම = 500 x 20 = 10 000
      ___________________________________________
      R සදහා වටිනාකම 150 ලෙස ගනිමු
      V = 60 + ( 150 x 5 ) = 60 + 750 = 810
      දිනකට ගෙතීම සදහා යොමු කරන කාලය පැය 5යිනම් දිනක ආදායම =150 x 5 = 750
      මසකට දින 20 පමණ ගෙතුම් සදහා වෙන් කරන්නේනම් මාසික ආදායම = 750 x 20 = 15 000
      ________________________________________________

      මෙන්න මේ ආකාරයට ඔයාල නිර්මාණය සදහා වෙන මහන්සියට ගැලපෙන ලෙස මිල තීරණය කරන්න පුළුවන්. මෙයට තවත් තැපැල් ගාස්තු හෝ courier ගාස්තු තිබේනම් වෙනම එක් කල යුතුයි.

      Price = V + Postage or Courier charges
      ඒ වගේම ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුව වෙන මේ නියම මිලට අලෙවි කරගන්න බැරි ගැටළුව ගොඩක් වෙලාවට ඇති වෙලා තියෙන්නෙ බොහෝ දෙනෙක් ඉතා අඩුවට තමන්ගේ නිර්මාණ අලෙවි කිරීම නිසා වටිනාකම ගැන අනෙක් අයට ඇති දැනුම මදි කම. මේ නිසා මම හිතනවා අලෙවි කරන හැමෝම මේ දේ තේරුම් අරන් හරි විදිහට මිල කීරීම් කලොත් ඒ ගැටළුවට විසදුමත් අපිට ලැබෙයි කියලා.

      SaveSave

      Follow Us @soratemplates