Friday, February 8, 2019

Group: Crochet A-Z - Featured Crocheter of the Month : February/March


දිනුෂි පෙරේරා අපේ සමූහයට එකතු වෙන්නේ 2018 අගෝස්තු 1 වෙනිදා සිටයි. ඇය Crochet A-Z සමූහයේ ප්‍රසිද්ධම සුරතල් සතුන් ගොතන්නියන් දෙදෙනාගෙන් එක් කෙනෙක්. අමිගුරුමි නිර්මාණ ඉතා සිත්ගන්නා සුළු ලෙස නිර්මාණය කිරීමට ඇයට තිබෙන්නේ උපන් හැකියාවක් කීවොත් මම නිවැරදියි.
මෙවර #featuredcrocheter විශේෂාංගයට ඇය තෝරාගත්තෙ #crochetaz_funanimals කියන තේමාවයි.

මේ තේමාවට අදාලව ගෙතුම් වලින් නිර්මාණය වූ සුරතල් සතුන් ගේ නිර්මාණ වලින් පිටුව සරසන්නට සමූහයේ සොයුරියන් බොහෝ දෙනෙක් එකතු වුණා. මේ විශේෂාංගය ඉතා සාර්ථකව අවසන් කල දිනුෂි පෙරේරා ගැනයි මේ කතා බහ.


  • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?
  • මම මුලින්ම ඉගෙනගත්තේ මගේ මවගෙන්. ඉන්පසු තනිවම අධ්‍යයනය කර වැඩි දුර ඉගෙනගත්තා.
  • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
  • අවසන් නිර්මාණය දැකීමෙන් මා ලබන සතුට ඉතා ඉහළයි
  • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
  • අමිගුරුමි නිර්මාණ
  • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
  • ඔව්
  • එසේනම් ඔබේ ව්‍යාපාරයේ නම කුමක්ද?
  • එම නම දැමීමට හේතුව?
  • එය මගේ නමේ කොටසක්
  • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
  • බොහෝ දෙනාගෙන් ලැබුණු ඉල්ලීම්.
  • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද?
  • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ?

  • ව්‍යාපාරය සම්බන්ධ අනාගත බලාපොරොත්තුව?
  • තත්වයෙන් උසස් නිර්මාණ ලබාදීම මගින් මගේ පාරිභෝගිකයන් සතුටු කිරීම
  • #featuredcrocheterofthemonth මෙම වැඩසටහන ගැන ඔබේ සිතුවිලි?
  • හැමෝටම වටිනා වැඩසටහනක්
  • සමූහයේ අභිවෘද්දිය වෙනුවෙන් ඔබේ අදහස්?
  • සමූහයේ සාමාජිකයන්ගේ නිර්මාණ වල පින්තූර එකතු කර නිර්මාණ එකතුවක් ලෙස ප්‍රදර්ශනය කිරීම
  • අනෙකුත් ගෙතුම් ශිල්පිනියන් හට ඔබේ පණිවිඩය?
  • නිර්මාණයන් තත්වයෙන් උසස් ලෙස නිර්මාණය කරන්න

දිනුෂි විසින් මේ මස තේමාව ලෙස තෝරාගත් #funanimals සදහා ඇතුලත් වන නිර්මාණ අතරින් හොදම නිර්මාණ තෙරීමත් දිනුෂි අතින් සිදු වුණා.


මේ ඒ සම්බන්ධව ඇය තැබූ සටහනයි.

තරමක කාර්යබහුලත්වයත් එක්ක ගිය මාසෙ #crochetaz_funanimals event එක කරගෙන ගියේ ... event එක සාර්ථක කරගන්න උපරිම සහයෝගය දුන්නු ඔයලා හැමෝටමත්, Asin Ratnayake මිස්ටත් ගොඩක් ස්තුති .... ඔයාලගෙ ලස්සන නිර්මාණ ගොඩක් එක්ක event එක ගොඩක් ලස්සන උනා.... ඉතින් එහෙනම් දැන් කියන්න යන්නේ ජයග්‍රහණය කරපු නිර්මාණ ගැන .... හැමෝම හොඳින් නිර්මාණ කරලා තිබුණු නිසා තෝරන්නත් අමාරුයි ....😀😀😀ජයග්‍රාහකයින් වගෙම අනිත් ලස්සන නිර්මාණත් මේ post එකේ දැම්මා .... බලන්නකෝ 😊😊😊😊😊

1st Place - Randika N Nishadi
2nd Please - Ruwani Nisansala  3rd Place - Dushi de Silva 







































1 comment:

  1. Tharuna lamay gethum karanawa dekkama godak sathutuy.mamath me video balala godak dewal egena gaththa.ekata obathumiyata thank you very much.mata puluwam una 2018 dakunu palathe wool nirmana wala palamu thana ganna.obathumiyage pehedili egenweem walata bohoma stuthy

    ReplyDelete

Follow Us @soratemplates