Monday, December 24, 2018

Group: Crochet A-Z - Featured Crocheter of the Month : November/December


අවසන් blog post එකේදී මම සදහන් කලා වගේ Crochet A-Z ගෙතුම් කලාව මුල සිට සමූහයේ අලුත් විශේෂාංගය වෙනුවෙන් මේ මාසයේදිත් අපි  සමූහයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දක්වලා සහයෝගයෙන් කටයුතු කරන අය අතරින් කෙනෙක් මේ මස #featuredcrocheter ලෙස තෝරාගත්තා.
මේ මාසයේ ගෙතුම් ශිල්පිනිය තමයි රුවනි නිසංසලා. ඇය Crochet A-Z සමූහයත් සමග සම්බන්ධ වෙන්නෙ 2017 නොවැම්බර් 15 වෙනිදා. අවුරුද්දකට පසු සමූහයට සම්බන්ධ වුණු මාසයේම #featuredcrocheter ලෙස තේරීමත් හරිම අහම්බයක් නේද?

ඇයගේ විශේෂත්වය තමයි Amigurumi ගෙතුම්. ලංකාවේ ගෙතුම් ක්ෂේත්‍රයේ amigurumi කලාවට යොමු වී සිටින කිහිපයක් දෙනා අතරින් ඉතා කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට ඉතා කෙටි කාලයකින්ම ඇයට හැකියාව ලැබුණා.
පොඩිත්තන්ගේ සිත් වසඟයට ගත හැකි cartoon චරිත සහ සුරතල් සතුන්ව අලංකාර ලෙස නිම කිරීමට ඇයට ඇත්තේ විශේෂ දක්ෂතාවයක් කීවොත් මම නිවැරදි.
එයටම ගැලපෙන ලෙස මේ මස සමූහයේ තේමාව ලෙස ඇය තෝරගත්තෙත් නත්තල් තේමාව සහ amigurumi ගෙතුම් වල එකතුවක්.
#crochetaz_christmasgurumi නමින් තමයි මේ තේමාව හැදින්වූයේ.

ඉතින් එහෙනම් මේ රුවනි සමග ඇති වුණු කතා බහයි,





  • ඔබ ගෙතුම් පටන් ගත්තේ කෙලෙසද?

      • වයස අවුරුදු 8දී අඳුනන aunty කෙනෙක් ගෙන් මූලික දැනුම ලබා ගත්තා....ඊට පස්සේ youtube හරහා ඉගෙන ගත්තා..
      • ගෙතුම් වලට කැමති වීමට හේතුව?
      • මගේ විනෝදාංශය
      • ඔබ වැඩිපුරම ගෙතීමට කැමති මොනවාද?
      • Amigurumi toys
      • ඔබ ගෙතුම් අලෙවි කරන්නේද?
      • ඔව්
      • එසේනම් එහි නම කුමක්ද?
      • එම නම දැමීමට හේතුව
      • මගේ පුතාගේ නම
      • ගෙතුම් අලෙවි කිරීමට ආරම්භ වූ/ආදර්ශ වූ හේතුව?
      • මගේ සහෝදරියන් සහ සමූහයේ මිතුරියන්ගේ අදහස් නිසා.. 
      • ඔබ මෙතෙක් ගොතා ඇති ඔබ ආසම නිර්මාණය කුමක්ද? 

      • ඔබගේ වැඩියෙන්ම අලෙවි වන නිර්මාණ/ය? 

      • ව්‍යාපාරය සම්බන්ධව අනාගත බලාපොරොත්තු?
      • තවත් ලස්සන amigurumi toys නිර්මාණය කිරීම..
      • #featuredcrochetofthemonth මෙම වැඩසටහන ගැන ඔබ සිතන්නේ කුමක්ද?
      • ඉතා හොඳ අදහසක්..නිර්මාණ ඉදිරිපත් කිරීමට මිතූරියන් උනන්දු වෙනවා .
      • සමූහයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබේ අදහස්?
      • දැනට පවත්වන විශේෂාංග ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාම..
      • අනෙකුත් නිර්මාණකරුවන් වෙනුවෙන් දිය හැකි පණිවිඩය?
      • අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්න..ඒ වගේම ඉදිරිපත් කරන නිර්මාණ වලට likes..comments දමා අනිත් මිතුරියන් දිරිමත් කරන්න.

      1 comment:

      Follow Us @soratemplates