ළදරු සපත්තුව කියන්නෙ intermediate level එකේ නිර්මාණයක්, එ කියන්නෙ මෙය කරගන්න යම් තරමක පලපුරුද්දක් තිබිය යුතුයි. හැබැයි අත්කම් වලට දක්ෂ කෙනෙකුට මෙය ඉගෙනගන්න අමාරු නැහැ. crochet වලට අලුත් beginner level අය මෙය කරගන්න බැරි උනා කියලා දුක් වෙන්න ඕනත් නැහැ. උත්සාහ කරන්න. මම හැමෝටම ලේසි වෙන්න නිසා ළදරු සපත්තුව නිර්මාණයෙදී අවශ්‍ය වෙන දේවල් ගැන සහ පිරවුම් විදි ගැන ඔයාලව දැනුවත් කරන්නම්.
පාට දෙකක යාර්න් (වූල්) (yarn in two colors)
ගොතන කටුව (crochet hook)
කතුර (scissor)
සිදුර මහත ඉඳිකටුව (tapestry needle)
ගොතන කටුව (crochet hook)
කතුර (scissor)
සිදුර මහත ඉඳිකටුව (tapestry needle)
ss-ලිස්සා හැරීම(slip stitch/join)
sc2tog/hdc2tog/dc2tog-දෙපටපිරවිලි/ බාග තුන්පට පිරවිලි/ තුන්පට පිරවිලි අඩුකිරීම (single crochet/ halfdouble crochet/ double crochet decrease) ( මෙය කරගන්නා ආකාරය පාඩම අතරතුරදී විස්තර කෙරේ)
ළදරු සපත්තුවේ අඩිය ගොතාගැනීම
දම්වැල් 11 ක් ගොතන්න. ගෙතුම් කටුවේ සිට 3 වන දම්වැලේ සිට පිරවුම් කරන්න පටන් ගන්න.
1 වටය -
3 වන දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් දමාගන්න. මීලග දම්වැල් දෙකටත් බාග තුන්පට පිරවිලි 2 බැගින් දමාගන්න.
දැන් 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවිල්ල බැගින් දම්වැල් 5ක් පුරවගන්න.
අවසාන දම්වැලට බාග තුන්පට පිරවිලි 5ක් පුරවගන්න.
දැන් කලින පිරවුම් කරගත්ත පැත්තට විරුද්ධ පැත්තේ ඒ හා සමාන්තරව පිරවුම් කරගත යුතුයි.
1 දම්වැලකට 1 බාග තුන්පට පිරවිල්ල බැගින් දම්වැල් 5ක් පුරවගන්න.
මීලග දම්වැල් දෙකටත් බාග තුන්පට පිරවිලි 2 බැගින් දමාගන්න.
මීලග දම්වැල් දෙකටත් බාග තුන්පට පිරවිලි 2 බැගින් දමාගන්න.
ඉතිරි වී ඇති දම්වැල සදහා 1 බාග තුන්පට පිරවිල්ලක් කරගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 26)
2 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පළමු වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිලි 2ක් දමන්න.
නැවතත් මීලග දම්වැල් දෙකටද එක දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 බැගින් දමන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
දැන් 1 දම්වැලකට පිරවිලි 2 බැගින් මීලග දම්වැල් 5 ට බාග තුන්පට පිරවිලි කරගන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
ඉතිරි වී ඇති දම්වැල් 2 සදහා 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 බැගින් පිරවුම් කරගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 36)
3 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පළමු වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිලි 2ක් දමන්න.
මීලගට 1 බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
නැවතත් පිරවිලි 2 හා 1 බැගින් දෙවරක් ලෙස ඊලග දම්වැල් 4 ට බාග තුන්පට පිරවිලි දමාගන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
දැන් පිරවිලි 2 හා 1 බැගින් 5 වරක් ලෙස ඊලග දම්වැල් 10 ට බාග තුන්පට පිරවිලි දමාගන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
ඉතිරි වී ඇති දම්වැල් 4 සදහා නැවතත් පිරවිලි 2 හා 1 බැගින් දෙවරක් ලෙස බාග තුන්පට පිරවිලි දමාගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 46)
දැන් කටුවෙන් පන්නා මුදුව ඉහළට ඇද අගල් දෙකක පමණ දිගක් ඉතිරි කර නූල කපාගන්න.
ළදරු සපත්තුවේ උඩ කොටස ගොතාගැනීම
4 වටය -
ගොතාගත් සපත්තු අඩියේ විලුඹ මැද දම්වැලේ සිට පිරවුම් කිරීම ආරම්භ කරන්න.
මෙහිදී back loop හි පමණක් පිරවුම් කෙරේ (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
වෙන වර්ණයකින් slip knot එකක් දමාගන්න. ගොතන කටුව මැද දම්වැලේ back loop එක අතරින් යවා පෙර සකසාගත් slip knot එක ඒ අතරින් ඇදගන්න. දැන් දම්වැලක් කරගන්න.
එම back loop එකටම දෙපට පිරවිල්ලක් කරගන්න.
සපත්තු අඩියේ වටේටම දෙපට පිරවිලි කරගන්න. (back loops only)
5 වටය -
ඉතිරි දම්වැල් 2 ට දෙපට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
ඉතිරි දම්වැල් 2 ට දෙපට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
මීලග දම්වැල් 3 ට බාග තුන්පට පිරවිලි පිරවිලි 3 ක් කරගන්න.
ඉතිරි දම්වැල් 2 ට බාග තුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
මෙහිදී back loop හි පමණක් පිරවුම් කෙරේ (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
වෙන වර්ණයකින් slip knot එකක් දමාගන්න. ගොතන කටුව මැද දම්වැලේ back loop එක අතරින් යවා පෙර සකසාගත් slip knot එක ඒ අතරින් ඇදගන්න. දැන් දම්වැලක් කරගන්න.
එම back loop එකටම දෙපට පිරවිල්ලක් කරගන්න.
සපත්තු අඩියේ වටේටම දෙපට පිරවිලි කරගන්න. (back loops only)
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 46)
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න. (both loops - මෙතැන් සිට සියලුම පිරවිලි loops දෙකම තුලින් කරගත යුතුයි)
වටේටම දම්වැල් වලට දෙපට පිරවිලි කරගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 46)
6 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න.
මීලග දම්වැල් 14 ට දෙපට පිරවිලි 14 ක් කරගන්න.
දැන් ( මීලග දම්වැල් 2 ට දෙපට පිරවිලි අඩු කිරිමක්, ඊලග දම්වැලට දෙපට පිරවිල්ලක්) ලෙස 5 වරක් කරගන්න (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
ඉතිරි දම්වැල් 16 ට දෙපට පිරවිලි 16 කරගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 41)
7 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න.
මීලග දම්වැල් 13 ට දෙපට පිරවිලි 13 ක් කරගන්න.
මීලගට 1 බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් තුන්පට පිරවිලි අඩු කිරිම 5 වරක් කරගන්න (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
මීලග දම්වැලට බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් දම්වැල් 13 කට දෙපට පිරවිලි 13 කරගන්න.ඉතිරි දම්වැල් 2 ට දෙපට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 35)

8 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිල්ලක් කරගන්න.
මීලගට බාග තුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
මීලග දම්වැල් 3 ට බාග තුන්පට පිරවිලි පිරවිලි 3 ක් කරගන්න.
දැන් දෙපට පිරවිලි 5ක් යොදා ඊලග දම්වැල් 5 පුරවගන්න.
මීලගට 1 බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් දෙපට පිරවිලි අඩු කිරිම 6 වරක් කරගන්න (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත)
මීලග දම්වැලට බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් දම්වැල් 5 කට දෙපට පිරවිලි 5 කරගන්න.මීලග දම්වැල් 3 ට බාග තුන්පට පිරවිලි පිරවිලි 3 ක් කරගන්න.
ඉතිරි දම්වැල් 2 ට බාග තුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න.
දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 27)
දැන් කටුවෙන් පන්නා මුදුව ඉහළට ඇද අගල් තුනක පමණ දිගක් ඉතිරි කර නූල කපාගන්න.
සිදුර මහත ඉදිකටුවේ ආධාරයෙන් ඉතිරි වූ නූල පිරවුම් අතරින් යවා ගෙතුම නොගැලවෙන පරිදි සකසාගන්න.
මල් සහ පබලු යොදා ඔබ කැමති පරිදි අලංකාර කරගන්න.
සිදුර මහත ඉදිකටුවේ ආධාරයෙන් ඉතිරි වූ නූල පිරවුම් අතරින් යවා ගෙතුම නොගැලවෙන පරිදි සකසාගන්න.
මල් සහ පබලු යොදා ඔබ කැමති පරිදි අලංකාර කරගන්න.
Hi
ReplyDeleteThis is my fist time seeing this blog and video in sinhala and I am so happy about it... Thank you and bless you so much
Thank you :)
DeleteThis is verry useful
ReplyDeleteThank u so much
This is verry useful
ReplyDeleteThank u so much
this blog is very help full. all the lessons and steps are clear and easy to understand. Thank you. keep it up.
ReplyDelete