Monday, May 21, 2018

# Color of the Day # Crochet

දවසේ වර්ණය - තැඹිලි : Color of the day - Orange

orange-color-of-the-day

ගිය සතියේ අපි Crochet A-Z සමූහයේ අලුත් විශේෂාංගයක් පටන් ගත්තා. සමූහයේ පල වෙන නිර්මාණ දකිනකොට මට හිතුනු දෙයක් තමයි ගොඩක් අය නිතරම වගේ එකම color range එකකට කොටු වෙලා කියන එක. ඉතින් මේ නිසාම තමයි මම හිතුවේ සමූහයේ තවත් අලුත් දෙයක් පටන්ගන්න.
 
මේ විශේෂාංගය තමයි color of the day එහෙමත් නැත්නම් දවසේ වර්ණය. සමූහය තුල දිනකට වර්ණයක් දෙනවා. එම වර්ණය මිශ්‍රිත සමූහයේ සාමජික සාමාජිකාවන් ගොතල තියෙන දේවල් වල පින්තූර සමූහයේ පල කිරීම තමයි මෙහිදී කෙරෙන්නේ.
මේ ක්‍රමය තුලින් හැමදාම එකම වර්ණ භාවිතා කරන අය වගේම වෙනස් වර්ණ ගලපගන්න බැරි අයත් අනිත් අයගේ නිර්මාණ දැකීමෙන් අලුත් වර්ණ භාවිතා කරන්න පෙළඹෙයි කියල මම හිතනවා.

 
වගේම යම් කිසි ගෙතුමකට වර්ණ යොදාගැනීමේදී එයින් සංකේතවත් වෙන දේ අනුව නිර්මාණයකට අර්ථයක් එකතු කරන්න පුළුවන් නිසා දවසේ වර්ණයත් සමග එයින් සංකේතවත් කල හැකි දේ ගැනත් සටහනක් ඇතුලත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව

ඔන්න එහෙනම් අද වර්ණය තමයි තැඹිලි (orange).
තැඹිලි කියන්නේ ශක්තිය නිරූපනය වෙන රතු වර්ණයේත් සතුට නිරූපනය වෙන කහ වර්ණයේත් එකතුවක්. තැඹිලි වර්ණය උණුසුම, විනෝදය, හිරු රැස්, උද්‍යෝගය, නිර්මාණශීලී බව, සාර්ථකත්වය, කුසගින්න වගේ දේත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ.

වගේම තමයි සමහර දේවල් වෙනුවෙන universal colors වෙන් වෙලා තියෙනවනේ, වගේ තැඹිලි වර්ණයත් වෙන් වෙලා තියෙන halloween වගේ උත්සව කාල වලට ගැලපෙන්න අපි කරන නිර්මාණ වුණත් ගලපගන්න පුලුවන්.

අපි වර්ණයක් ගලපනකොට එය ලබා ගන්න කෙනා අනුව හිතන්න පුලුවන් වෙන්නත් ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකො ඔයා ව්‍යාපාරයක් විදිහට crochet නිර්මාණ විකුණන කෙනෙක් කියලා. එතකොට වෙනත් රටක කෙනෙක් ඔයාගෙන් නිර්මාණයක් ඉල්ලුවොත් ඔයා කැමති වර්ණ යොදාගෙන කරන්න කියලා, විවිධ වර්ණ රටවල් වල භාවිතා වෙන්නෙ කොහොමද කියලා දැනගෙන සිටීමත් ගොඩක් වැදගත් වෙනවා.

බටහිර රටවල් (western countries) වල තැඹිලි වර්ණයෙන් ශක්තිය, ජෛවය, උද්‍යෝගය, අවදානම, නිර්භීත බව, නිර්මාණශීලීත්වය, ඉදිකිරීම්, අස්වැන්න, ශරත් ඍතුව වගේම කලු පැහැය සමග මිශ්‍ර කිරීමෙන් halloween සංකේතවත් කිරීමට තැඹිලි පැහැය යොදාගන්නවා.
පෙරදිග රටවල් (eastern contries) වල වගේම ජපානයේත් ආදරය, සතුට, ආධ්‍යාත්මිකතාව, සෟඛ්‍යමත් බව මෙන්ම අමරණීය බව පිළිඹිඹු කිරීමටත් තැඹිලි වර්ණය යොදාගත්තද මැද පෙරදිග (middle east) රටවල් වල නැතීවීම සහ ශෝකය ප්‍රකාශ කිරීමට මෙම වර්ණය යොදාගන්නා බව තමයි අන්තර්ජාලයේ සදහන් වෙන්නෙ.

ආසියාතික රටවලින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ඉන්දියාවේ (india) හරිම පූජනීය වර්ණයක් විදිහට තමයි තැඹිලි වර්ණය සලකන්නේ. පවිත්‍රතාව, ධෛර්යය, පරිත්‍යාගය, ආගමික වත් පිළිවෙත් වගේම විරෝධය ප්‍රකාශ කරන්නත් මේ වර්ණය යොදාගන්නවා. අපේ ශ්‍රී ලංකා කොඩියෙත් තැඹිලි වර්ණයෙන් නිරූපණය කෙරෙන්නෙ හින්දු ජනතාවනේ නේද? වගේම ප්‍රඥ්ඥාව(wisdom) නිරූපණය කිරීම සදහා බෙෳද්ධ කොඩියේත් තැඹිලි වර්ණය යොදාගන්නවා.


ඕස්ට්‍රේලියාව (australia), බ්‍රසීලය (brazil), ප්‍රංශය (france) වගේ රටවල් මේ වර්ණය යොදාගන්නෙ ස්වභාදහම, සත්තු, පොළොව, පරිසරය වගේ දේ සංකේතවත් කිරීමට කියලයි අන්තර්ජාලයේ සදහන් වෙන්නෙ.

 
අපිට නිර්මාණ කිරීමේදී තැඹිලි වර්ණය සමග භාවිතා කරන්න පුලුවන් වර්ණ සුසංයෝග කිහිපයක් තමයි පහතින් දක්වලා තියෙන්නෙ. මීට පස්සේ නිර්මාණයකට වර්ණ තෝරගන්කොට මේ වගේ වර්ණ සංකලන ගැනත් ඔයාලගේ අවධානය යොමු වෙයි කියල මම හිතනවා.

1.

2.

3.


4.

5.

6.

7.

දැන් ඔන්න ඔයාලාට කරන්න තව වැඩක් තියෙනවා. color combinations වලට ගැලපෙනවා කියල හිතෙන නම් suggest කරන්න මේ post එකේ comments විදිහට. බලමු කව්ද ලස්සනම නම් දාන්නෙ කියලා. 😄



මේ තමයි සමූහයේ color of the day වෙනුවෙන් වර්ණයට ඉතා ගැලපෙන ලෙස ඉදිරිපත් වුණු නිර්මාණ
crochet-baby-hat-orange-color-yarn-wool
Click here to see more posts from Thilini Dissanayake -තිලිණි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

crochet-kitchen-towel-orange-color-yarn-wool
Click here to see more posts from Nishani Gunasena -නිශානි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

crochet-blanket-orange-color-yarn-wool
Click here to see more posts from Jayamini Chathurika -ජයමිණි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

crochet-table-mat-orange-color-yarn-wool
Click here to see more posts from Achini Sewwandi -අචිනි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

crochet-baby-dress-orange-color-yarn-wool
Click here to see more posts from Ahinsa Nimnadee -අහින්සා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

crochet-baby-booties-orange-color-yarn-wool
Click here to see more posts from Ahinsa Nimnadee -අහින්සා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

crochet-doily-orange-color-yarn-wool
Click here to see other posts from Dushi de Silva -දුෂී ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
crochet-pattern-orange-yarn-color-wool
Click here to see other posts from Nelushi Kumari -නිලුෂි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්

Click here to see more from Jayamini Chathurika Rathnayake -ජයමිණි ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්
Click here to see more posts from Nilmini Gunawardane - නිල්මිණිගේ තවත් නිර්මාණ බලන්න මෙතනින් >>
Click here to see other posts from Nilmini Gunawardana - නිලමිණිගේ තවත් නිර්මාණ බලන්න මෙතනින්
Click here to see more from Ahinsa Nimnadee - අහින්සාගේ තවත් නිර්මාණ බලන්න මෙතනින්
Click here to see more from Ahinsa Nimnadee - අහින්සාගේ තවත් නිර්මාණ බලන්න මෙතනින්

crochet-purse-orange-yarn-color-wool
Click here to see other posts from Jacintha Ponnamperuma -ජසින්තා ගේ තවත් නිර්මාණ දැකගන්න මෙතනින් පුළුවන්













2 comments:

  1. Meka godak hoda concept ekak miss, api thawa unandu wenawa gothanna..
    Hamogema gethum lassanaii

    ReplyDelete

Follow Us @soratemplates