Friday, August 11, 2017

ළදරු තොප්පිය- Video tutorial included

August 11, 2017 3 Comments

තොප්පිය

දම්වැල් 4 ක් ගොතන්න. පළමු දම්වැලට ලිස්සා හැරීමකින් සම්බන්ධ කර රවුම් මුදුවක් සාදාගන්න.

1 වටය

මුදුව තුලට බාග තුන්පට පිරවිලි 8ක් කරගන්න. 
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 8)

2 වටය

දම්වැලක් ගොතන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිලි 2ක් කරන්න. ඉතිරි පිරවිලි 7ටත් බාග තුන්පට පිරවිලි 2 බැගින් කරගන්න. 
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 16)

3 වටය

දම්වැලකින් පටන් ගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිලි 2ක්  කරන්න. මීලඟ පිරවිල්ලට බාග තුන්පට පිරවිල්ලක් කරන්න. මෙලෙස මාරුවෙන් මාරුවට බාග තුන්පට පිරවිලි 2 හා 1 බැගින් ඉතිරි දම්වැල් 14 පුරවගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 24)

4 වටය

දම්වැලකින් පටන් ගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිල්ලක් කරන්න. (මීලඟ දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් කරන්න. නැවතත් 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 2 පුරවගන්න.) වරහන් තුල ඇති ආකාරයට 7 වරක් කරගන්න. අවසාන දම්වැලට පෙර දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් කරගන්න. ඉතිරි දම්වැලට බාග තුන්පට පිරවුමක් කරගන්න. 
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 32)

5 වටය

දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන  (1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 3 පුරවගන්න. මීලඟ දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් කරන්න) වරහන් තුල ඇති ආකාරයට 8 වරක් කරගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 40)

6 වටය

දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන  (1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 4 පුරවගන්න. මීලඟ දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් කරන්න) වරහන් තුල ඇති ආකාරයට 8 වරක් කරගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 48)

7 වටය

දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන  (මීලඟ දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් කරන්න. 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 5 පුරවගන්න.වරහන් තුල ඇති ආකාරයට 8 වරක් කරගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 56)

8 වටය -14 වටය දක්වා

දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 56 පුරවගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 56)

15 වටය

වර්ණය මාරු කරන්න. දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 56 පුරවගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 56)

16-17 වටය

නැවත ප්‍රධාන වර්ණයට මාරු වෙන්න.දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවුම බැගින් මීලඟ දම්වැල් 56 පුරවගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 56)

18-වටය

දම්වැලක් කරගන්න.
කලින් වටයේ පළමු පිරවිල්ලෙන් පටන් ගෙන 1 දම්වැලකට 1 දෙපට පිරවුම බැගින් මීලඟ දම්වැල් 56 පුරවගන්න.
ලිස්සා හැරීමකින් පළවෙනි පිරවිල්ලට සම්බන්ධ කරගන්න. (පිරවිලි 56)

Bow එක

slip knot එකක් කරගන්න. knot (මුදුව) එක ලිහිල්ව තිබෙද්දී දම්වැල් 4ක් ගොතන්න
දැන් දෙපට තුන්පට පිරවිලි 4 මුදුව තුලට පුරවන්න. (මෙය කරන අයුරු වීදඩියෝවේ පෙන්වා ඇත.) 
නැවතත් දම්වැල් 4 ගොතන්න. මෙය ලිස්සා හැරීමකින් නැවතත් මුදුවට සම්බන්ධ කරන්න.
නැවතත් දම්වැල් 4 ගොතන්න. දැන් දෙපට තුන්පට පිරවිලි 4 මුදුව තුලට පුරවන්න. තවත් දම්වැල් 4 ගොතන්න. මෙය ලිස්සා හැරීමකින් නැවතත් මුදුවට සම්බන්ධ කරන්න.

ගෙතුම් කටුවේ ඇති මුදුව දිගට ඇද කටුවෙන් පන්නා අඟල් 6 පමණ දිගට සිටින සේ කපාගන්න.
ලිහිල්ව ඇති slip knot eka තද කරගන්න. දැන් දිගට ඇති නූල් පටවල් දෙක bow එකේ මැද වටේට ඔතාගෙන නොලිහෙන පරිදි ගැටගහගන්න.
Source :  daisycottagedesigns.net

තොප්පියට සම්බන්ධ කරගන්න. 

ඉතිරි වී ඇති නූල් පටවල් සිදුර මහත ඉදිකටුවකින් වියාගන නිර්මාණය සම්පූර්ණ කරගන්න.

SaveSave
SaveSave

Thursday, August 10, 2017

Crochet මූලික දැනුම - Video tutorial included

August 10, 2017 1 Comments

මෙම පාඩම් පෙල අධ්‍යයනයෙන් ගෙතුම් සඳහා අවශ්‍යය ද්‍රව්‍යයන්ගේ සිට මූලික පිරවිම් විධි ක්‍රම කරගන්නා ආකාරය දක්වා දැනුම ඔබට ලැබෙනු ඇත.

1)අවශ්‍ය ද්‍රව්‍ය
මේ වීඩියෝවෙන් ගෙතුම් වලට අවශ්‍ය අමූද්‍රව්‍ය හා උපකරණ පිළිබද හැඳින්වීමක් කෙරේ.

2)slip knot
මේ වීඩියෝවෙන් ගෙතුමක ආරම්භය එසේ නොමැතිනම් slip knot එක කරගන්නා ආකාරය ඔබට බලාගත හැකියි.

3)දම්වැල - chain
මෙම වීඩියෝවෙන් ගෙතුමක පදනම එසේත් නැත්නම් foundation chain-දම්වැල ගොතාගන්නා ආකාරය ඔබට බලාගත හැකියි.
මුලින්ම පටන් ගන්න කෙනෙක් මෙය නැවත නැවත ගොතා අත හුරු කරගැනීම ඉදිරි පාඩම් වලදී පහසුවක් වනු ඇත. එම නිසා ඊළග පාඩම නැරඹීමට පෙර එක දිගට එක සමාන සහ පැහැදිලි දම්වැල් 100 පමණ නොනවත්වා ගොතාගෙන යාමට හැකි වන තෙක් මෙය පුරුදු වන්න.

4)දෙපට පිරවිල්ල - US-single crochet / UK-double crochet
මෙම වීඩියෝවෙන් මූලික පිරවිලි ක්‍රම වලින් පළමු හා සරලම ක්‍රමය වන දෙපට පිරවිල්ල එසේත් නැතිනම් Single Crochet (US) කරගන්නා අකාරය ඔබට බලාගත හැකියි. 
දම්වැල පුරුදු වූ පසු දම්වැල් 20 පමණ ගොතා එක් එක් දම්වැලට මෙම පිරවිල්ල කරගන්න. මෙලෙස අත හුරු වන තුරු පේලි 20 , 30පමණ එක දිගට ගොතාගන්න. 
අවසානයේ ලැබෙන කොටුව පැහැදිලි නිමාවකින් යුතු වූ පසු මීළග පාඩමට යොමු විය හැකියි.

5)තුන්පට පිරවිල්ල - US-double crochet / UK-treble crochet
මෙම වීඩියෝවෙන් මූලික පිරවිලි ක්‍රම වලින් දෙවන ක්‍රමය වන තුන්පට පිරවිල්ල එසේත් නැතිනම් Double Crochet (US) කරගන්නා අකාරය ඔබට බලාගත හැකියි. 
දම්වැල් 20 පමණ ගොතා එක් එක් දම්වැලට මෙම පිරවිල්ල කරගන්න. මෙලෙස අත හුරු වන තුරු පේලි 20 .30පමණ එක දිගට ගොතාගන්න. 
අවසානයේ ලැබෙන කොටුව පැහැදිලි නිමාවකින් යුතු වූ පසු මීළග පාඩමට යොමු විය හැකියි.

6)බාග තුන්පට පිරවිල්ල - US-half double crochet / UK-half treble crochet
මෙම වීඩියෝවෙන් මූලික පිරවිලි ක්‍රම වලින් තෙවන ක්‍රමය වන බාග තුන්පට පිරවිල්ල එසේත් නැතිනම් Half Double Crochet (US) කරගන්නා අකාරය ඔබට බලාගත හැකියි. 
දම්වැල් 20 පමණ ගොතා එක් එක් දම්වැලට මෙම පිරවිල්ල කරගන්න. මෙලෙස අත හුරු වන තුරු පේලි 20 .30පමණ එක දිගට ගොතාගන්න. 
අවසානයේ ලැබෙන කොටුව පැහැදිලි නිමාවකින් යුතු වූ පසු මීළග පාඩමට යොමු විය හැකියි.

Tuesday, August 1, 2017

ළදරු සපත්තුව නිර්මාණය කරගැනීම - Video tutorial included

August 01, 2017 5 Comments

ළදරු සපත්තුව කියන්නෙ intermediate level එකේ නිර්මාණයක්, කියන්නෙ මෙය කරගන්න යම් තරමක පලපුරුද්දක් තිබිය යුතුයි. හැබැයි අත්කම් වලට දක්ෂ කෙනෙකුට මෙය ඉගෙනගන්න අමාරු නැහැ. crochet වලට අලුත් beginner level අය මෙය කරගන්න බැරි උනා කියලා දුක් වෙන්න ඕනත් නැහැ. උත්සාහ කරන්න. මම හැමෝටම ලේසි වෙන්න නිසා ළදරු සපත්තුව නිර්මාණයෙදී අවශ්‍ය වෙන දේවල් ගැන සහ පිරවුම් විදි ගැන ඔයාලව දැනුවත් කරන්නම්.
පාට දෙකක යාර්න් (වූල්) (yarn in two colors)
ගොතන කටුව (crochet hook)
කතුර (scissor)
සිදුර මහත ඉඳිකටුව (tapestry needle)
ss-ලිස්සා හැරීම(slip stitch/join)

sc2tog/hdc2tog/dc2tog-දෙපටපිරවිලි/ බාග තුන්පට පිරවිලි/ තුන්පට පිරවිලි අඩුකිරීම (single crochet/ halfdouble crochet/ double crochet decrease) ( මෙය කරගන්නා ආකාරය පාඩම අතරතුරදී විස්තර කෙරේ)

ළදරු සපත්තුවේ අඩිය ගොතාගැනීම

දම්වැල් 11 ක් ගොතන්න. ගෙතුම් කටුවේ සිට 3 වන දම්වැලේ සිට පිරවුම් කරන්න පටන් ගන්න.

1 වටය -  
3 වන දම්වැලට බාග තුන්පට පිරවිලි 2ක් දමාගන්න. මීලග දම්වැල් දෙකටත් බාග තුන්පට පිරවිලි 2 බැගින් දමාගන්න.
දැන් 1 දම්වැලකට 1 බාග තුන්පට පිරවිල්ල බැගින් දම්වැල් 5ක් පුරවගන්න
අවසාන දම්වැලට බාග තුන්පට පිරවිලි 5ක් පුරවගන්න.
දැන් කලින පිරවුම් කරගත්ත පැත්තට විරුද්ධ පැත්තේ හා සමාන්තරව පිරවුම් කරගත යුතුයි.
1 දම්වැලකට 1 බාග තුන්පට පිරවිල්ල බැගින් දම්වැල් 5ක් පුරවගන්න
මීලග දම්වැල් දෙකටත් බාග තුන්පට පිරවිලි 2 බැගින් දමාගන්න.
ඉතිරි වී ඇති දම්වැල සදහා 1 බාග තුන්පට පිරවිල්ලක් කරගන්න.

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 26)

වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පළමු වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිලි 2ක් දමන්න.
නැවතත් මීලග දම්වැල් දෙකටද එක දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 බැගින් දමන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
දැන් 1 දම්වැලකට පිරවිලි 2 බැගින් මීලග දම්වැල් 5 ට බාග තුන්පට පිරවිලි කරගන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
 ඉතිරි වී ඇති දම්වැල් 2 සදහා 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 බැගින් පිරවුම් කරගන්න

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 36)

වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පළමු වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිලි 2ක් දමන්න.
මීලගට 1 බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
නැවතත් පිරවිලි 2 හා 1 බැගින් දෙවරක් ලෙස ඊලග දම්වැල් 4 ට බාග තුන්පට පිරවිලි දමාගන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
දැන් පිරවිලි 2 හා 1 බැගින් 5 වරක් ලෙස ඊලග දම්වැල් 10 ට බාග තුන්පට පිරවිලි දමාගන්න.
ඊලග දම්වැල් 8 කට 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 1 බැගින් පුරවන්න.
 ඉතිරි වී ඇති දම්වැල් 4 සදහා නැවතත් පිරවිලි 2 හා 1 බැගින් දෙවරක් ලෙස  බාග තුන්පට පිරවිලි දමාගන්න.

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 46)

දැන් කටුවෙන් පන්නා මුදුව ඉහළට ඇද අගල් දෙකක පමණ දිගක් ඉතිරි කර නූල කපාගන්න. 

ළදරු සපත්තුවේ උඩ කොටස ගොතාගැනීම

වටය -
ගොතාගත් සපත්තු අඩියේ විලුඹ මැද දම්වැලේ සිට පිරවුම් කිරීම ආරම්භ කරන්න.
මෙහිදී back loop හි පමණක් පිරවුම් කෙරේ (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත) 
වෙන වර්ණයකින් slip knot එකක් දමාගන්න. ගොතන කටුව මැද දම්වැලේ back loop එක අතරින් යවා පෙර සකසාගත් slip knot එක ඒ අතරින් ඇදගන්න. දැන් දම්වැලක් කරගන්න.
එම back loop එකටම දෙපට පිරවිල්ලක් කරගන්න. 
සපත්තු අඩියේ වටේටම දෙපට පිරවිලි කරගන්න. (back loops only)

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 46)
 5 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න. (both loops - මෙතැන් සිට සියලුම පිරවිලි loops දෙකම තුලින් කරගත යුතුයි)
වටේටම දම්වැල් වලට දෙපට පිරවිලි කරගන්න. 

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 46)

 6 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න.
මීලග දම්වැල් 14 ට දෙපට පිරවිලි 14 ක් කරගන්න.
දැන් ( මීලග දම්වැල් 2 ට දෙපට පිරවිලි අඩු කිරිමක්, ඊලග දම්වැලට දෙපට පිරවිල්ලක්) ලෙස 5 වරක් කරගන්න  (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත) 
ඉතිරි දම්වැල් 16 ට දෙපට පිරවිලි 16 කරගන්න.

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 41)

 7 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට දෙපට පිරවිල්ලක් කරගන්න.
මීලග දම්වැල් 13 ට දෙපට පිරවිලි 13 ක් කරගන්න.
මීලගට 1 බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් තුන්පට පිරවිලි අඩු කිරිම 5 වරක් කරගන්න  (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත) 
මීලග දම්වැලට බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් දම්වැල් 13 කට දෙපට පිරවිලි 13 කරගන්න.
ඉතිරි දම්වැල් 2 ට දෙපට පිරවිලි අඩු කිරීමක් කරගන්න.

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 35)

8 වටය -
දම්වැලක් ගොතන්න. දැන් එම දම්වැල පාමුල ඇති පෙර වටයේ ගොතාගත් පළමු පිරවිල්ලට බාග තුන්පට පිරවිල්ලක් කරගන්න.
මීලගට බාග තුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න. 
මීලග දම්වැල් 3 ට  බාග තුන්පට පිරවිලි පිරවිලි 3 ක් කරගන්න.
දැන් දෙපට පිරවිලි 5ක් යොදා ඊලග දම්වැල් 5 පුරවගන්න.
මීලගට 1 බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් දෙපට පිරවිලි අඩු කිරිම 6 වරක් කරගන්න  (මෙය කරන අයුරු වීඩියෝවේ පෙන්වා ඇත) 
මීලග දම්වැලට බාග තුන්පට පිරවිල්ලක් ගොතන්න.
දැන් දම්වැල් 5 කට දෙපට පිරවිලි 5 කරගන්න.
මීලග දම්වැල් 3 ට  බාග තුන්පට පිරවිලි පිරවිලි 3 ක් කරගන්න.
ඉතිරි දම්වැල් 2 ට  බාග තුන්පට පිරවිලි අඩු කිරීමක් කරගන්න.

දැන් ලිස්සා හැරීමකින් පළමුවෙන්ම කල පිරවුමට සම්බන්ධ කරගන්න (පිරවිලි 27)

දැන් කටුවෙන් පන්නා මුදුව ඉහළට ඇද අගල් තුනක පමණ දිගක් ඉතිරි කර නූල කපාගන්න.

සිදුර මහත ඉදිකටුවේ ආධාරයෙන් ඉතිරි වූ නූල පිරවුම් අතරින් යවා ගෙතුම නොගැලවෙන පරිදි සකසාගන්න.

මල් සහ පබලු යොදා ඔබ කැමති පරිදි අලංකාර කරගන්න.

SaveSave

Follow Us @soratemplates